master
New Page 1

වයසක උන්ගේ දීමනාව 100 කින් කපා, නිමක් නොමැතිව ඉහගෙන කන මළ පෙරේතයෝ සහ රථ ගායේ හොඳම එක


2016-12.01 02.12 PM -  811 යි

අම්මට සිරි ලංකාවේ තරම් කෑම නාස්ති කරනා හා විසි කරනා ජාතියක් මේ ලෝකයේම නැතිව ඇතිය. ඇති හැකි උන් දිනකට විසි කරනා කෑම ප්‍රමාණය, මේ රටේ සිටිනා නැති බැරි උන් පෝෂණය කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. එසේ වී ඇත්තේ, ආහාර ගැන නොව, ආහාර ගැනීම පිළිබඳව වත්, ජාතික ප්‍රතිපත්තියක් හෝ අජ්ජාපනයක් නොමැති නිසාය.

අපේ කාලකන්නි අජ්ජාපන වේදින් අවුරුදු 3නේ එකාටත් අකුරුයි ගණිතයයි කියා දී උන් පයිතගරස්ලා කොරන්න හැදුවාට, වෙන රටවල මොන්ටිසෝරි වල උගන්වන්නේ, මේ වගේ දේවල්ය. බෙදා හදාගෙන කෑම, පිලිවලකට කෑම බීම ගැනීම, කෑම නාස්ති නොකිරීම හා ටේබල් මැනර්ස් වාගේ දේවල්ය.

පොඩි උන්ට ඕවා කියා දේන්න, මහ උන් ඒවා දැන ගෙන සිටිය යුතුය. උන් නොදන්නා දෙයක් පොඩි උන්ට කියා දෙන්නේ කෙසේද කියනා ගැටළුවත් තියෙනවාය. අපේ උන්ගේ මළ පෙරේත කම මඟුල් ගෙදරක ගියාම හොඳට බලා ගන්න පුළුවන්ය. හත් අවුරුද්දකින් නොකපු උන් වාගේ, හැම එකාම බලාගෙන ඉන්නේ කෑම මේසේ ඉඳුල් කරනකන්ය. අනෙක් හොඳම උදාහරණය පාර්ලිමේතුවය.

මෙහිදි පක්ෂ විපක්ෂ බෙදයක් ඇත්තේ නතිය. මන්ත්‍රිවරුන්ට ලක්සිරි දෙන්න පටන් ගත්තේ ජේ ආර් පප්පාය. ඒ ඇරෙන්න, හිතේ හැටියට කොමිස් ගහන්නත් හොරා කන්නත් ඉතරක් නොව, ලෑමේ පහසුමකමුත් අමාත්තියන්සේ ලබා ගත්තාට කිසි අවුලක් නැති වාතාවරනයකුත් හැදුවේය. ලෝකේ අනෙක් රටවලත් පාර්ලිමේන්තුවේ මසාජ් සෙන්ටර් තියෙනවාද කියන්න දන්නේ නැති උනත්, අම්මට සිරි ලංකාවේ නම්, එහෙම එකකුත් තියෙනවාය.

කෑම බීම හිතේ හැටියටය. ෆයිව් ඉස්ටාර් ලැවල් එකෙන්ය. අවුරුදු පහෙන් පැන්සොන්ය. ඇමති කමක් ලැබුනොත්, හත් මුතු පරම්පරාවම ගොඩය, පවුලේ පහකට සුපර් ලක්සිරි සැලරි, වාහන ඉතරක් නොව, උන්ටත් අවුරුදු පහෙන් පැන්සොන්ය. පාර්ලිමේන්තු ඇවිත් නිදාගන්නවාටත් 2500 ක්ද කොහෙද දෙනවාය. ඊයේ පෙරේදා, බ්ලූ ෆිල්ම් බලන්න සල්ලි මදි කියා, පෝන් වලටත් ලක්ෂයක්ද කොහේදෝ දුන්නේය. මැති ඇමති කම් නැති උන්ට, අත් උස්සනවාට, මාසෙකට වෙනම ලක්ෂ දෙකක් දෙනවාය. කරන්න තියෙන්නේ, ඕනම එකකට අත උස්සන එක ඉතරය. දැන් කාර්යාල මේන්ටෙන් කොරන්න කියා, ඉල්ලමුකුත් පහළ වෙන්න යනවාය කියා, කතාවකුත් තියෙනවාය. අපරාදේ කියන්නේ, මේවාට අර රතු අලි පැටව් ටිකවත් හාම් හූම් කියන්නෙ නැති එකය.

එදා ජේ ආර් පප්පා කොරපු එකට එහා ගිය සෙල්ලමක්, උන්නැහේගේ බෑනා පොඩ්ඩ අද පටන් අරගෙන තියෙනවාය. රනිල්ට බෑ කියලා කියන උන්වත් මේවාට හාම් හූම් කියන්නේ නැතිය. ඒ තබා මෛත්‍රිපාල මහත්තයාගේ රෙදි අපුල්ලන, බස්නාහිර මහ ඇමති, යස ඉසුරින් පිරි ඉසුර මහත්තයා කියන්නේත්, ඒවායේ වරදක් නැතෙයි කියලාය. මොකෝ ඒ යකාත් බලාගෙන ඉන්නේ පාර්ලිමේන්තු එන්න නිසාය. ඒ නැතත් මුන්ට දුන්න ගමන් උනුත් ඉල්ලනවාය. සුදු අලි මේන්ටේන් කිරීම් කියන්නේ මේවාටය.

මේ ආන්ඩුව ජනතාවට වැට් ගහන්නේ මේ වාගේ මහ පොලොව නුහුලනා දේටද කියලා ඕන එකෙක් අහනා එකේ කිසිම වරදක් ඇත්තේ නැතිය. මිනිසුන්ට සහන සලසන්න හෝ රටට වැඩක් ඇති දෙයක් කරනවාට වැට් ගැහුවානම් හිතේ අමාරුවක් නැතිය. ඒත් මේ කාළකන්නින් වැට් ගහන්නේ හා ණයට ගන්නේ කුමකටද?

ඇත්තටම මුන්ට වෙලා තියෙන්නේ වෙන කිසිම දෙයක් නෙමේය. රනිල්ගේ කතාවලින් ඒ බව ඉතා පැහැදිලිය. උන්නැහේ කියන්නේ උන්නැහේගේ පඩිය මෛත්‍රි මැඩම්ගේ පඩියටත් වඩා අඩුය කියලාය. ඒකට ඉතින් මේ රටේ ජනතාව පලි නැතිය. ඒකට කොරන්න තිබුනේ, ඊට වඩා පඩි ලැබෙනා රස්සාවක් හොයා ගන්නා එකය. ඇත්තටම දැන් උනත් එහෙම ජොබ් එහෙකට යනවා නම්, මෙත්පල් මැතිඳුන් පමණක් නොව, කරූලා, සජිත්ලා, රෝසිලා මෙන්ම, මේ රටේ අති බහුතරයක් කැමති වනවා නොඅනුමානය.

මහින්දගේ කාළේ ඔහොම අඬෝවැඩියාවක් තිබුනේ නැත්තේත්, අද එහෙම එකක් තියෙන්නේ ඇයිදෝ කියා හොයා බලන එක බොහොම වටිනවාය. ඒ කාළේ පඩිය නැති හැම එකාටම කීයක් හෝ හොයා ගන්න ක්‍රම ඕනා තරම් තිබුනේය. මහින්ද මහත්තයලා සෙවන් ඉස්ටාර් එකෙන් කන කොට, අනෙක් උන්ට සින්ගල් ඉස්ටාර් එකෙන් හරි ගරා ගන්න පුළුවන් ක්‍රම තිබුනේය. ඒ, ඉන්කම් නැතත් සංවර්ධනයක් කියා දෙයක් සිද්ද උන නිසාය. ඉතින් මැති ඇමතිවරුන්ට ඤරු ඤුරූ ගෑමේ රෝගයක් තිබුනේ නැතිය. මහ එකාගෙ පටන් ප්‍රාදේශීයේ ඉන්න එකා පවා හිතේ හැටියට කෑවේය. දැන් එහෙම ප්‍රොජෙක්ට් නැති නිසා, අගමැතිගේ ඉඳන් හැම එකාම නන්න පෝල් වෙලාය. ඒකට ඉතින් රටේ ජනතාව පලි නැතිය.

රනිල්ගේ සෙට් එකේ උන් හොරෙන් කන්න දන්නේත් නැතිය. 2016 අමාත්තියන්ස වලට වෙන් කරපු මුදල් එහෙම්ම තියෙනවාය. පාවිච්චි කොරලා නැතිය. ඒ කියන්නේ මුන්ට කිසීම ටාගට් එකක් නැති කමය. එක අතකින් බැලුවාම ආන්ඩුව කියන්නේත් කොම්පැනියක්ය. නැත්නම් ඉතින් අවුරුද්ද ගානේ ලාබ අලාබ බලන්න බජට් එකකුයි. ඊට පස්සේ මාසයක් ඉතිර බජට් මීටින් තියන්නයි ඕනා නැතිය.

බජට් මීටින් ටැලිවිසොන් එකේ යන නිසා, හරවත් යමක් කතා කොරන්නේ කීයෙන් කී දෙනාදැයි කියා බොහෝ පැහැදිලිය. මෙහෙම කාළකන්නින් පිරිසක් ජනතාවට පෙන්වීම බොහෝ අගනේය. මුන් බජට් එක අස්සේ කොරන්නේ, මුන්ගේ රථ ගායට හා බඩජාරි කමට පිලියම් ලබා ගැනීමය. එහෙම බැලුවාම මේ ගෙනල්ලා තියෙන්නේ රටේ බජට් එකක් නෙමෙයිය. මේ කාළකන්නින් මේන්ටේන් කිරීමේ ලියවිල්ලක්ය.

මේ කාළකන්නින් 225 දෙනාටම වාහන පර්මිට් එකක් ලැබුනේය. ඒක විකුණාගෙන කෑවාට අපි පලි නැතිය. ඒ දෙන වාහනයත් දෙකයි පනහේ කාර් කටු නෙමේය. අධි සුඛෝපභෝගී රථයක්ය. සමහර ඒවා අවුරුදු ගනනකට මේන්ටේන් කරන්නත් ඕනා නැතිය. එයිට පස්සේ ඇමති උනාම තව එකක්ය. ඇමති කෙන්ක් උනාම අමාත්තියන්සෙටත් වාහන ඕනාය. මේ මොන විකාරයක්ද? මේ රට යම් කිසි ස්ථාවරයකට ගේනවිත් වාහන එකක් නොව හෙලිකොප්ටර් ගත්තත් අපට අවුලක් නැතිය. එතකොට මොන මළදානේ කරත් මිනිසුන් ඕවා හොයන්න යන එකක් නැතිය.

මේ රට යම් පමණකට ගොඩ එන තෙක් යම් කිසි කැපවීමක් කරන්නට බැරි නම්, මේ වගේ කාළකනින්ගෙන් නම් රට වැඩක් ඇත්තේ නැතිය. අනික මිනිසුන්ට වැට් ගසා, පොඩි එකාගේ සතුට වෙනුවෙන් තිබෙනා, අරක්කු බෝතලේට, සිකැරට් එකට බදු ගසා, මේ කන බොබ ඒවා වලින් ලේ වමනේ ගිහින් මැරුනේ නැතිනම්, අපි පුදුම වෙනවාය. මුන් කියනාකාරයට මිනිසුන් තව ටිකක් ඉවසන්න ඕනාය. එතකන් මුන් සැප විඳිනවාය. ඇයි ජනතාව විතරක්? ජනතාවට ආදර්ශයක් දීම සඳහා, තොපිට ඒ දේ කිරීමට නොහැකි ඇයි.

උඹලාගේ ආතල් තියෙන්නේ වයසක මිනිසුන්ගේ පින් පඩියෙන් ගන්නා රුපියල් 100 තුලද? අහිංසක මිනිසුන්ට වැට් ගසා එකතු කර ගන්නා මුදලේද? හවසට මහන්සි වී විඩාව නිවා ගැනීමට ගන්නා පොඩි අඩියේද? මේවා වැහි නැති හෙන ගහනා වැඩය. බයිලා ගසන්නේ නැතිව ඉස්සෙල්ලා රට හදා ඉන්නය. ඔහේලා කියනා විදියට මේ රට ලබන අවුරුද්දේ ගොඩ එනවාය. එසේ නම් මේ ආතල් ගැනීමට තව එක වසරක් ඉවසාගෙන සිටිය නොහැකිද?

එසේ නැතිව කළ යුත්තේ තමන්ගේ මිනිසුන් කියා මහ ඇමතිවරුන්ටත් ලක්ෂ 420 විස්සේ V8 දොලදන් දෙන එකද? ඌට දුන්නාම අනෙක් උන් සද්ද බද්ද නැතිව ඉඳියිද? පාර්ලිමේන්තිවේ උන්ට දොළ පිදේනී දුන්නාම, පලත් සභාවල මළ පෙරේතයෝ නිහඬව සිටීද? උන් ආවේස නොවී සිටීද? කැපකිරීම් හැමදා කළ යුත්තේ, ජනතාව විතරමද? නායකයන් ලෙස තොප්ට එවන් ආදර්ෂයක් දිය නොහැකිද?

තොපි එක දෙයක් මතක තබා ගත යුතුව ඇත, ඔය ආතල් වලට වඩා මිනිසුන්ගේ සාපය බොහෝ බලවත්ය. කිසිදා බලය අහිමි වේ කියා නොසිතු, අමු ඒකාධිපති රෙජිමයකටත් කෙල වෙලා ගියේ ඒ හේතුවෙන්මය. මහින්ද මහත්තයාට මිනිස්සු ගරු කලාට ජනතාවගේ සල්ලි වලින් බැසිල් වැනි නරුමයෙක් මාලිගා ඉඳිකරනවා මිනිසුන්ට දිරෙව්වේ නැතිය. නාමල්ලාගේ පිස්සු කෙලීම ජනතාව ඉවසුවේ නැතිය. අද ඔවුන්ටත් වඩා මේ ආන්ඩුව මිනිසුන්ට එපා වෙලා ඇතිය. තිබෙනවාය. ඒ කෑවේ හත් අට දෙනෙක්ය. අද පක්ෂ විපක්ෂ ඔක්කෝම එකතුවෙලා ඉහගෙන කනවාය.

ඉදින් බලය තිබෙනා විට සියාල්ල කළ හැකි යැයි සිතා, තමන්ට බෙදා හදා ගැනීම් මිනිසුන් ඉවසන්නේ නැතිය. එහි කෙලවර කුමකින් කුමක් විය හැකිදැයි අපට කීමට නම් බැරිය. එක්කෝ තවත් ලේ වැගිරීමක් විය හැකිය. එවන් දෑ වලට යලිත් මේ රට පත් නොකොට, මේ කාළකන්නි ගසා කෑම් නතර කර දමන මෙන අපි බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවාය. මන්ද වෙනත් විකල්පයන් මීටත් වඩා දරුණු විය හැකි හේතුවෙන්මය. එයත් වාසියකට නොගන්නා මෙන් ඉල්ලා සිටින්නේ. සම හරක් විට දන්නා යකා ආයෙත් ගෙනත් පුටුවේ තියන්නත් පුළුවන් නිසාමය.

උපුටාගැනීම - මාතලන්ගෙන්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com