master
New Page 1

බාල ව්‍යාග්‍රා වෙළදපොළේ - නග්ගගන්න බොන්නෙ බලාගෙනයි


2016-12.01 09.47 AM -  3393 යි

බාල ප්‍රමිතියකින් යුතු ලිංගික උත්තේජන ඖෂධ පෙති සහ සිරප් වර්ග තොගයක් ලංකාවේ වෙළදපොළට නිකුත් වී ඇතැයි අන්තරායක ඖෂධ පාලන ජාතික ආයතන ආරංචිමාර්ග තහවුරු කර තිබේ. පසුගිය කාලය පුරාම එම ඖෂධය භාවිතා කල පුද්ගලයින් හදිසියේ මියයාම සහ හෘදයාබාධ සැදීමේ සිදුවීම් රැසක් වාර්තා වීම නිසා එම ඖෂධ වර්ග කිහිපයක් මෙරට සහ විදේශ රසායනාගාර වල පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර මෙරට සිදුකල පරීක්ෂණ වලදී ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු ඇති බව තහවුරු වී තිබේ.

සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලදී පුරුෂ ලිංගය ප්‍රාණවත් කරගැනීම සදහා මෙම ඖෂධ භාවිත කරන අතර එමගින් ශරීරයේ රුධිර පීඩනය ඉහළ යන අතර ශිෂ්ණය වෙත වැඩි රුධිර ප්‍රමාණයක් පොම්ප කිරීම හරහා දීර්ඝ වේලාවක් ශිෂ්ණය ප්‍රාණවත්ව පවතී.

මෙලෙස බාල ඖෂධ තොග අතර ව්‍යාග්‍රා පෙති වල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති බව තහවුරු වී තිබේ. ඒවායේ අඩංගු sildenafil citrate සංඝටකයේ යම් වෙනස්කමක් ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන තිබේ.

විමල් වීරවංශ මහතාගේ හෝකන්දර පිහිටි නිවසේ පසුගියදා හදිසියේ මියගිය තරුණයාද ව්‍යාග්‍රා ශරීර ගතවීම නිසා මිය ගොස් ඇති බවටය වෛද්‍ය වාර්තා තහවුරු කර ඇති අතර මෙම බාල ප්‍රමිතියකින් යුතු ලිංගික උත්තේජන ඖෂධ පෙති සහ සිරප් වර්ග සම්බන්ධයෙන් අන්තරායක ඖෂධ පාලන ජාතික ආයතන ඉදිරියේදී තීරණයක් ගනු ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com