master
New Page 1

අනියම් පෙම්වතා දෙන ආතල් එකට පිස්සු වැටුන හක්මණ බිරිදක් කෘර ලෙස සැමියා ඝාතනය කරයි


2016-11-30 01.40 PM -  6216 යි

හක්මණ කෝන්ගල ප්‍රදේශයේදී  ව්‍යාපාරිකයෙකු ඝාතනය කරන්නේ පසුගිය දිනයකයි. එම ඝාතනයේ අලුත්ම තොරතුරු හෙළිව තිබෙනවා.

මේ ඝාතනය සම්බන්ධයෙන් 50 හැවිරිදි ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ ඔහුගේ මිතුරියක් අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙසේ ඝාතනයට ලක්වූයේ කෝංගල කන්ද මුදුන ප්‍රදේශයේ පදිංචි පල්ලියගුරුගේ සේපාල නමැති පුද්ගලයෙක්ය.

ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ බිරිඳට අනියම් සම්බන්ධයක් තිබීම නිසා ව්‍යාපාරිකයා සහ බිරිඳ අතර පවුල් ආරවුල් හටගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා ඝාතනය වීමට පෙර දිනයක බිරිඳගේ මිතුරියක් විසින් ඔවුන්ගේ නිවසේ නවත්වාගෙන තියෙනවා.

මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් ව්‍යාපාරිකයා ඝාතනය වූ දවසට දින තුනකට පසුව පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ නාඳුනන පිරිසක් විසින් තම සැමියාට ඇසිඩ් ගසා පොලුවලින් පහරදී  ඝාතනය කර ඇති බවයි.

නමුත් ඔහු ඝාතනය කර දින තුනක් යනතෙක් රෝහල්ගත නොකිරීම  සහ පොලිසියට නොදැන්වීම නිසා සහ තවත් කාන්තාවක් බිරිඳ විසින් නිවසේ නවත්වාගෙන සිටීම නිසා ව්‍යාපාරිකයා ඝාතනයේ සැකය බිරිඳ දෙසට එල්ලවුණා.

මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හක්මණ පොලිසිය අදාල බිරිඳ සහ ඇයගේ මිතුරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම හේතුවෙන් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබුණා.

සැකකටයුතු බිරිඳ විසින් ඝාතනය පිළිබඳව පාපොච්චාරණය කිරීමක්ද  කර ඇති අතර බිරිඳ සහ මිතුරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

  ඔබේ අදහස්
Nme -
Message -Hi
Nme - sumudu chamara
Message -Massege
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com