master
New Page 1

BMW Benz එපා! අකලංක මල්ලවත් හිරු අතහැර අරා පසුපස සියතට!


2017-02-17T21:40 -  1029 යි

සියත නාළිකාව නව මුහුණුවරකින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබෙන අතර ඒ සඳහා විවිධ නාළිකාවන්ගේ දක්ෂතා දැක්වූ පිරිස් සම්බන්ධ කරගැනීම පිළිබඳව බොහෝ දෙනෙකු අවධානයෙන් සිටියි.

Hari gossip අපවෙත වාර්තාවන පරිදි මේ වන විට Hiru Mega Stars රියැලිටි වැඩසටහනේ නිෂ්පාදකයෙකු වන අකලංක මල්ලව ද හිරු අතහැර සියත TV නාළිකාවට සම්බන්ධ වී තිබෙනවා.

ඔහු Hiru Mega Stars වැඩසටහනට අමතරව ජේල්, තෙවැනි ඇස, සයිබර් ක්‍රයිම්, සඳගිරි මුදුන, උත්තරීතර, කොවුල් වසන්තය, චරිත 3ක්, Anyone Can Cook යන වැඩසටහන්වලටද අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.

වසර 5කට අධික කාළයක් ඔහු හිරු TV හි සේවය කළ අතර 2015 වසරේදී ඔහු ඇතුළුව තවත් අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙකු සමඟින් අධ්‍යක්ෂණය කළ කොවුල් වසන්තය වැඩසටහන විශේෂ ජූරි සම්මානයකින්ද පිදුම් ලැබුවේ රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙලේදීය.

ඔහු සියත TV හි සහකාර වැඩසටහන් කළමණාකරුවෙකු ලෙසින් සේවය කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මීට දින කිහිපයකට ඉහතදී හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා විසින් එම නාලිකාවේ ඉහළ කළමනාකාරීත්වයේ කටයුතු කරන හත් දෙනෙකුට රුපියල් මිලියන 200 වටිනා නවීනතම මෝටර් රථ හතක් ලබා දෙමින් ඔවුන් ආයතනය හැරයාම වැලැක්වීමට කටයුතු කලා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com