master
New Page 1

පාසැල් සිසුවියක් හිටිගමන් ගුවන් පාලමින් පනී අත් පා කැඩී කොන්දටත් බරපතල හානි


2017-02-17T10:20 -  429 යි

පෙරේදා (15) උදෑසන කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක්‌ එම පාසලේ ගුවන් පාලමෙන් මහා මාර්ගයට පැනීමෙන් දෙකකුලේ හා අතක අස්‌ථි බිඳී ගොස්‌ කොන්දට ද බරපතළ හානි සිදුවී තිබේ.

මෙම ගුවන් පාලම පිහිටා ඇත්තේ පාසලේ ද්විතීයික අංශයත්, ප්‍රාථමික අංශයත් සම්බන්ධ කරමින් වන අතර පාසලේ ඇති වූ ගැටලුවක්‌ මත ඇය බිමට පැන ඇතැයි ඥතීහු පවසනවා. ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ද නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ‍.

මෙලෙස අඩි ගණනත් උසින් බිමට පැනීම නිසා ඇයගේ දෙකකුලේ හා අතක අස්‌ථි බිඳී ගොස්‌ කොන්දට ද බරපතළ හානි සිදුවී තිබෙන අතර ඇය මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය එම සිසුවියගෙන් ඊයේ සවස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com