master
New Page 1

මං අසාර්ථක පොලිස්පතිවරයෙක්..! පොලිස්පති ආතති කෝලමට ඇඳ පොලිසියට භාවනා කරන්න නියෝග කරයි


2017-02-17T08:05 -  324 යි

පත්වූ දිනයේ සිට පොලිස්පති කෝලම රඟපාන පූජිත ජයසුන්දර පොලිස්පතිවරයා ඊයේ ආතති කෝලමට ඇඳ රඟ දැක්වූ අපූරු පුවතක් ඊතලය නිව්ස් වෙත වාර්තා වේ.

දීර්ඝ කොන්ෆරන්ස් පැවැත්වීමේ රුසියෙකු වන පූජිත ඊයේ (15) නියෝජ්‍ය පොලිස්පතිවරුන් සඳහා උදෑසන 9 සිට සවස 2 දක්වා කොන්ෆරන්ස් එකක් පවත්වා ඇති අතර එහිදී කතාව ආරම්භ කර ඇත්තේ මං අසාර්ථක පොලිස්පතිවරයෙක් බව මම දැන් තේරුම් අරන් ඉන්නේ යි කියමිනි. සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඉතාමත් සතුටින් බලාපොරොත්තු වී ඇත්තේ තමා අසාර්ථක බව දන්නවානම් ඊලඟට පොලිස්පතිවරයා තමන් පොලිස්පති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා යැයි කියනු ඇති බවයි.

අවාසනාවකට එවැන්නක් නොකී පූජිත පවසා ඇත්තේ තමන් අසාර්ථක වූයේ රාජකාරි අතපසුවීම් නිසා බවත් එසේ අතපසු වීම් වන්නේ මානසික ආතතිය (Depression) නිසා බවත් එය මග හැරීම පිණිස සියළු දෙනා මෛත්‍රී භාවනාවත්, ආනා පානා සති භාවනාවත් දිනපතා කළ යුතු බවයි. ඉන්පසු දීර්ඝ කාලයක් ගෙන ඇත්තේ මෙකී භාවනා කරන්නේ කෙසේද? යන්න විග්‍රහ කර දීමට හෙවත් බණ කීමට ය. (පූජිත ජයසුන්දර නිවසේ බුදුන් වඳින කුටියේ එක බුදු පිළිමයක් නොව බුදු පිළිම 100 ක් පමණ පෝලිම් ගස්සවා බුදුන් වඳින්නෙක් බවද සඳහන් කළ යුතුය)

නියෝජ්‍ය පොලිස්පතිවරුන් යටතේ ඇති දිවයින පුරා සියළුම පොලිස් ස්ථානවල උදෑසන 8.00 ට සියලු නිලධාරීන් ප්‍රථමයෙන් මිනිත්තු 5 ක් ආනා පානා සති භාවනාව කළ යුතු බවත්, ඉන් පසු මෛත්‍රී භාවනාව කළ යුතු බවත්, නැවතත් ආනා පානා සති භාවනාව කර රාජකාරි ආරම්භ කළ යුතු බවටත් පොලිස්පතිවරයා නියෝග කර තිබේ.

සිය දේශනය අවසානයේදී දැන් මේක ඊතලය නිව්ස් එකට දීලා ඒකෙන් මට පහර ගසාවි යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ඇස් කොනින් බලමින් පූජිත ජයසුන්දර පවසා ඇත.

ඉන්පසුව අද(16) උදෑසන සියළුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දුරකථනයෙන් අමතමින් තමා කී භාවනා පිළිවෙත් අනුගමනය කළාදැයි පොලිස්පතිවරයා පසු විපරමක් ද කර ඇත.

කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ මේ ආතති කෝලම් නියෝගය ආගමික සංවිධානයක් නොවන පොලිසිය තුල බරපතල අවුලක් ඇති කර තිබේ. මන්ද යත් පොලිසි වල වෙනත් ආගම් වලට අයත් විශාල නිලධාරීන් පිරිසක් සේවය කරන නිසාය.

ඊතලය නිව්ස් වෙත අදහස් දැක්වූ ඉහල පොලිස් නිලධාරියෙක් කියා සිටියේ Depression තත්ත්වයට සෑම නිලධාරියෙකුම පත් නොවන බවත් එවැනි මානසික ආතතියකට පොලිස් නිලධාරියෙකු පත් වන්නේ දුර්ලභ වශයෙන් වන අතර පොලිස්පතිවරයා ලෙස ඊට පිළියම් යෙදිය යුතු නම් කළ යුත්තේ නිලධාරියෙකු සඳහා පැවරී ඇති රාජකාරි බර අඩු කිරීම බවත් ඒ සඳහා දියුණු තාක්ෂනය පොලිස් ස්ථාන වෙත හඳුන්වා දිය යුතුවා මිස භාවනා කරන්නැයි නියෝග දීම නොවන බවයි.

දැන් පොලිස්පතිතුමා කියන විදිහට භාවනා කරලා අපි රහත් වුනොත් එහෙම පොලිස් දෙපාර්තමේන්තුව හොයා ගන්නවත් නැති වෙනවා. ඇත්තටම මේවා නම් කෝලම් වැඩ තමයි යනුවෙන් තවත් ඉහල පොලිස් නිලධාරියෙකු උපහාසයෙන් සිනාසෙමින් ඊතලය නිව්ස් වෙත පැවසීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com