master
New Page 1

නාවික හමුදාව දැන් මිලියනපතියන්


2017-02-16T15:56 -  168 යි

සමුද්‍රීය ආරක්ෂක රාජකාරි මගින් නාවික හමුදාව ඇමරිකා ඩොලර් මිලියන විස්සක ආදායමක් උපයාගෙන තිබෙනවා.නාවික හමුදාව මගින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරි භාරගත්තේ මීට මාස 15කට පෙරදීයි.

එතැන් පටන් මේ දක්වා එම රාජකාරි මගින් ඇමරිකා ඩොලර් මිලියන 20ක ආදායමක් රජයට උපයා දීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් පරිදි නවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරි භාරගත් අතර ඉන් උපයන ලාභය රජයේ ඒකාබද්ධ අරමුදල වෙත ඍජුවම බැර කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

2015 වසරේ සිට සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සදහා පහසුකම් සැපයිමෙන් උපයා ඇති ආදායම රුපියල් බිලියන 3ක පමණ අගයක් ගන්නවා. කොළඹ සහ ගාල්ල යන ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානවලින් සිදු කළ නෞකා ගමන් වාර 8200ක් මගිනුයි එම ආදායම උපයාගෙන ඇත්තේ.

මේ අනුව මාසයක කාලයක් තුළ නාවික හමුදාව මගින් සමුද්‍රිය ආරක්ෂක රාජකාරි 550ක් පමණ සිදු කෙරේනවා. එමගින් ආසන්න වශයෙන් මසකට රුපියල් මිලියන 200ක පමණ මුදලක් උපයා ගැනීමට හැකියාව පවතින බවයි නවික හමුදාව පවසන්නේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com