master
New Page 1

බුද්ධි අංශ පිට වරද පැටවීමේ නාටකය දිග හැරේ - බුද්ධි නිලධාරී වන්දියක් සමග නිදහස්


2017-02-16T14:27 -  575 යි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්‌ස මහෙස්‌ත්‍රාත් උසාවියේ පැවැත්වෙන නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර වසරක්‌ පමණ රඳවා තබා ගෙන සිටි යුද හමුදා බුද්ධි අංශයේ ලාන්ස්‌ කෝප්‍රල් කන්දේගෙදර පියවංශ මහතාගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නඩුව විභාගයට ගත් අතර ඔහුව ලසන්ත ඝාතනයට සැකපිට ත්‍රස්‌ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව වසරක්‌ පමණ රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන ලදි. අනුව ඔහුට ඔහුට රුපියල් ලක්‍ෂයක වන්දියක්‌ ගෙවන ලෙස ත්‍රස්‌ත විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් තිදෙනකුට සහ රජයට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

කිසියම් පුද්ගලයෙකුට තවත් අයෙකුගෙන් වරදක් සිදුවූ විට ඊට විරුද්ධව සාධාරණත්වය බලාපොරොත්තු වන්නේ පොලිසියෙන් හෝ අධිකරණ‍ය වෙතිනි. එකී ආයතන වල ස්වාධීනත්වය පිළිබඳව ප්‍රශ්ණාර්ථ මතුකරන සිද්ධි පසුගිය කාලය පුරාවටම බහුලව සිදුවිය. තමන්ට සාධාරණය ඉටු වේ යැයි මෙතෙක් පොලීසිය හෝ අධිකරණය කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටුණු පසු තමන්‍ වෙනුවෙන් සාධාරණත්වය ඉටුකරගැනීමට තමන්ම ඉදිරිපත් වීම හැඟීම්බර මොහොතක දී වන අහුඹුවක් නොවේ. එහෙත් එතුලින් සිදුවන්නේ තවදුරටත් නීතිය කඩකිරීමම පමණි. එහෙත් නීතියල සාධාරණත්වය තවදුරටත් වලංගු නොවන රටක තමන් වෙනුවෙන් තමන් පෙනී සිටීම හැර මිනිසුන් සතු විකල්පය කවරේ ද?

මේ ආකාරයෙන් නීතිය හෝ සාධාරණත්වය පිළිබඳ පොදු සමාජ පිළිගැනීමක් ලබා ගැනීම උගහටය. ලංකාව වැටී ඇති ආගාධයෙන් ගොඩ ඒමේ මාර්ගයට වත් පැමිණෙන්නට නම් ලියම් ‍ෆොක්ස් ගේ කැපකිරීමට වඩා දැඩි කැපකිරීම් වලට ලාංකික සමාජය සුදානම් විය යුතුය. සම්ප්‍රදාය "සාධාරණත්වය නම් ඒවා කිසිලෙසකින් වත් අපහසු දේවල් නොවේ. බලය මථ හුදු නග්න බලයම උපයෝගී කර ගනිමින් දුවන මේ දිවිල්ලේ කෙළවර කුමක් ද?

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com