master
New Page 1

තජුඞීන් ඝාතනය : එක් අයෙකුට ඇප


2017-02-16T12:55 -  336 යි

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි නාරාහේන්පිට අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ අද නියෝග කළා.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප තුනක් මත සුමිත් පෙරේරා මහතාට මුදා හරිනු ලැබුවා.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ අතර සෑම මසකටම වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කෙරුණා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com