master
New Page 1

බිරිදගේ දරුගැබ විනාශ වූ අයුරු සොයන්න වෛද්‍ය සැමියා පොලීසි යයි.



2017-02-16T09:55 -  744 යි

තම බිරියගේ කුසෙහි තමාට දාව පිළිසඳ ගත් දරුගැබ ඇය විසින් නීති විරෝධී අයුරින් ගබ්සාවට ලක් කරගෙන ඇති බවට සැකයක් මතුවන හෙයින් ඒ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් පවත්වා දරුගැබට සිදුවූයේ කුමක්දැයි අනාවරණය කර දෙන ලෙසට ඉල්ලමින් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයකු ගොකරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

දන්ත වෛද්‍යවරියක බව කියන තම බිරියට එරෙහිව මෙලෙස පොලිසියට පැමිණිලි කර ඇත්තේ මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයකු විසිනි.

පේරාදෙණිය දන්ත රෝහලේ සේවය කරමින් සිටින තම බිරිය ඉකුත් වසරේ ජුනි මාසයේදී ගැබ්ගත් බවත්, ගැබ් ගැනීමෙන් අනතුරුව ඇය පේරාදෙණිය ප්‍රදේශයේ නැවතී සේවයට වාර්තා කළ බවත් වෛද්‍යවරයා පොලිසියට පැමිණිලි කර තිබේ. ගැබ් ගැනීමෙන් මාස කිහිපයකට පමණ පසුව ඇය නිවෙසට පැමිණි අවස්ථාවකදී ඇගේ කුසෙන් දරු ගැබ ඉවත්වී තිබූ අයුරු දුටු බවත්, ඒ පිළිබඳ විමසීමේදී මානසික පීඩනය හේතුවෙන් දරු ගැබ විනාශවූ බව ඇය විසින් ප්‍රකාශ කළ බවත් එම පැමිණිල්ලෙහි දැක්වෙයි.

නමුත් මානසික පීඩනය මත දරු ගැබක් විනාශ විය නොහැකි බව වෛද්‍යවරයකු ලෙස තමන් හොඳින් දන්නා බවත් තම බිරිය වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් පවත්වන බවත් මේ වන විට හෙළිවී ඇති බැවින් එම සම්බන්ධය හේතුවෙන් දරුගැබ විනාශ කරන්නට ඇති බවට සාධාරණ සැකයක් මතුවන බවත් වෛද්‍යවරයා කියයි. එබැවින් තම බිරිය අධිකරණ වෛද්‍ය නිලධාරියකු හෝ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලවා පරීක්‍ෂාවට ලක්කර තමන්ට දාව ඇයගේ කුසේ පිළිසිඳ ගත් දරු ගැබට සැබෑ ලෙස සිදුවූයේ කුමක්දැයි සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙසටද වෛද්‍යවරයාගේ පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com