master
New Page 1

සහොදරයන් නිතරම කරදර කරන නිසා තෙලිජ්ජවිල පාසල් දැරිය ගත් අවසන් තීරණය


2017-02-16T09:40 -  855 යි

තම සහෝදරයන් නිරන්තරයෙන් තමාට හිරිහැර කරදර සිදුකිරීම හේතුවෙන් ජීවිතය අහිමිකර ගැනීමේ චේතනාවෙන් මාතර සිට ගල්ගමුව නගරයට පැමිණ ගල්ගමුව දුම්රිය මාර්ගය අසල රැඳී සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් ගල්ගමුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන එම දැරිය බස් රථවලින් හා දුම්රියවලින් මාතර ප්‍රදේශයේ සිට මෙසේ පැමිණ තිබේ. ඉකුත් 12 වැනිදා පාන්දර 1ට පමණ මෙම දැරිය ගල්ගමුව නගරයේ ඇති හෝටලයක් පිටුපස රැඳී සිටින බවට ගල්ගමුව පොලිසියේ රාත්‍රි මුර සේවයේ යෙදී සිටින නිලධාරීන්ට තරුණයකු විසින් ලබාදුන් තොරතුරක් මත මෙම දැරිය පොලිස් භාරයට ගැනීමට හැකිවී තිබේ.

ඉකුත් 11 වැනිදා අමතර පන්තියකට සහභාගි වන බව පවසා නිවෙසින් පිටව ඇති මෙම දැරිය සන්තකයේ තිබී පොත් බෑගයක් හා දැරියගේ පොත්පත් කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

පොලිස් භාරයට ගැනුණු දැරිය පිළිබඳ ඇයගේ මවුපියන්ට දැනුම්දීමෙන් පසුව මවුපියන් කැඳවා දැරිය ඔවුන් වෙත භාරදීමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබේ.මෙම දැරිය පිළිබඳ අදාළ තරුණයාගේ දැනුම්දීම මත පොලිස් නිලධාරින් ක්‍රියාත්මක නොවුණේ නම් දැරියගේ ජීවිතය පවා මේ වන විට අහිමිව යන්නට ඉඩ තිබුණේ යැයි ගල්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

ගල්ගමුව පොලිස් ස්ථානාධිපති එච්.එම්.සී.පී. හේරත් මහතා හා එහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් විසින් දැරිය පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන ලදී.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com