master
New Page 1

ඩුබායි හොරු පහකට ඇතුලේ


2017-02-15T11:05 -  174 යි

ඩුබායි රාජ්‍යයේ ගෙවල් බිඳුම් රැසකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකුට එරට අධිකරණයක් මගින් වසර 5 බැගින් සිර දඬුවම් නියම කළේ ය.

එරට මාධ්‍ය අනාවරණය කළේ, ඩුබායිහි විශාල මන්දිරවලට ඇතුළු වු මෙම කල්ලිය එවායේ තිබූ ස්වර්ණාභරණ, මුදල් හා වෙනත් වටිනා දෑ සොරකම් කර ඇති බව ය.

වසර 05ක සිර දඬුවමෙන් අනතුරුව මොවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම සොරකම්වලට සම්බන්ධ ලාංකිකයින් 04 දෙනෙකු යළි දිවයිනට පැමිණීම සඳහා සූදානම් වූ අවස්ථාවේදී ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලීසිය සඳහන් කළේ ය.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා දින 15ක කාලයක් ලබා දී තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com