master
New Page 1

අණියම් සැමියා සමග ලිංගිකව සිටිද්දීම බිරිදගේ ගෙල කපා හිසත් සමග පොලිසියට පැමිණි සැමියා


2017-02-08T13:41 -  3119 යි

තම බිරිඳ අනියම් සැමියා සමඟ සිටින අවස්ථාවේ පැමිණි සැමියෙකු දුන් දඬුවමක් පිලිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා Narayan Singh නමැති 38 හැවිරිදි අයෙකු බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ බිරිඳ වෙනත් අයෙකු සමඟ කලක පටන් අනියම් ඇසුරක් පවත්වන බව තමන්ට දැනගන්නට ලැබුණු බවයි ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

ඇය 28 හැවිරිදි කාන්තාවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුව ඔහු විසින් ඇයට උපදෙස් දී ඇත්තේ එම ඇසුර නවතා දමන ලෙසටයි.

කෙසේ වෙතත් කිහිප දිනකට පසුව කුඹුරක ඔහුගේ බිරිඳ අනියම් සැමියා සමඟ සිටියදී ඔහුට හසුවී තිබෙනවා.

එහිදී දැඩි කෝපයට පත් මෙම පුද්ගලයා විසින් තම බිරිඳට පහරදී ඇයගේ ගෙළ කපා දමා ඇති බවටයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

පසුව තම බිරිඳගේ හිසද අතින් ගෙන මෙම පුද්ගලයා සැතපුම් 5ක පමණ දුරක් ගෙවා පොලිසිය වෙත පැමිණ භාරවී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව එහිදී මෙම ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඔහුගේ බිරිඳගේ සිරුර කුඹුරේ තිබී හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පුද්ගලයා පොලිසිය වෙත පැමිණි අයුරු පහතින්.









  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com