master
New Page 1

විදුලි දුම්කබලක් කුරුණෑගල වෑල්ඩින් ශිල්පියකු නිපදවයි.


2016-11-27 04.45 PM -  800 යි

දුම් ඇල්ලීම සඳහා යෝග්‍ය ඉලෙක්ට්‍රෝනික දුම් කබලක් නිපදවීමට කුරුණෑගල වැල්ලව නව නිපැයුම්කරුවෙක් සමත්වී සිටී.

වෘත්තියෙන් වෑල්ඩින් කාර්මික ශිල්පියකු වන ඔහු නමින් ඊ.එම්. ජනක ප‍්‍රියන්ත ඒකනායකය. විදුලි ස්ත‍්‍රික්කයක විද්‍යුත් ක‍්‍රියාවලිය උපයෝගී කරගෙන මෙම ඉලෙක්ට්‍රොනික දුම් කබල මොහු විසින් නිපදවා තිබේ. නිවෙසේ භාවිත කරන විදුලි ස්විචයට විනාඩි 4 ක් පමණ සම්බන්ධ කර දුම් කබල රත්වූ පසුව සුවඳ දුම් කුඩු දමා දුම නිපදවා ගැනීමට මෙමගින් හැකිවෙයි.

මා මෙය නිර්මාණය කරන්න හිතුවේ වෑල්ඩින් කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන කාලයේ සිටයි. මගේ හිතට නිතරම වද දෙනන් වුණා. මොනවා හරි නිර්මාණයක් කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි මෙම ඉලෙක්ට්‍රෝනික දුම් කබල නිදවන්න මගේ හිතට ආවේ. දැනට භාවිත කෙරෙන පොල්කටු දුම් කබලට වඩා ඉලෙක්ට්‍රෝනිකව දුම නිපදවීම ඉතා සුදුසු බවයි මගේ මතය. පොල්කටු සෙවීම, එය ගිනි දැල්වීම සහ ගතවන කාලය දෙස බැලූ විට මෙය විනාඩි 4 ක් වැනි ඉතා කෙටි කාලයකින් ප‍්‍රයෝජනයට ගන්න පුළුවන්.

මෙය ඉතා ආරක්‍ෂාකාරී ලෙස නිපදවලා තියෙනවා. හදිසියේ හෝ විදුලි කාන්දුවක් ඇතිවුව හොත් මෙය ස්වයංක‍්‍රීයව ටි‍්‍රප් සුවිචයෙන් අක‍්‍රීය වෙනවා. උදේ සවස මෙය ප‍්‍රයෝජනයට ගත්තද මාසයටම වැය වන්නේ රුපියල් 100 කට ආසන්න මුදලක් පමණයි
මෙය ප‍්‍රධාන වශයෙන් ක‍්‍රම තුනකින් නිපදවා තියෙනවා. එක දිගට විනාඩි කීපයක් රත්කර දුම ඇල්ලීම සඳහාත්, දිගින් දිගටම විදුලියට සම්බන්ධ කිරීම සඳහාත්, අවශ්‍ය ප‍්‍රමාණයට රත්වූ පසුව ස්වයංක‍්‍රීයව ක‍්‍රියා විරහිත වන ආකාරයටත් මෙය මා නිර්මාණය කර තියෙනවා

මෙය මේ වන විට වෙළෙඳපොළට ඉදිරිපත් කර තියෙනවා. ඉදිරියේදී මෙය තවත් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. යැයි ජනක ප‍්‍රියන්ත පැවැසීය.




  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com