master
New Page 1

ගිනිඅවි පෙන්වා දේපළ කොල්ලකෑ 3 දෙනෙකු අත්අඩංගුවට


-  549 යි

මාලඹේ ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනිඅවි පෙන්වා දේපළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පුද්ගලයන් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි සැකකරුවන් හා අපරාධය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් කොහුවල ප්‍රදේශයේ අපරාධ රැසක් සිදුකර ඇති බවට ද පොලීසිය හෙළිකර ගත්තා. සැකකරුවන් හා පැහැරගත් භාණ්ඩ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 3 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකළා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com