master
New Page 1

'ලංකා ඊ නිවුස්‌' කර්තෘ සඳරුවන්ට නොතීසි


2017-01-20 07.10 AM -  457 යි

ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවිය මගින් අසත්‍ය ප්‍රවෘත්ති පළකර අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා එල්ල වූ ලංකා ඊ නිවුස්‌ වෙබ් අඩවියේ කර්තෘ සංස්‌කාරක සඳරුවන් සේනාධීර නමැත්තාට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වන ලෙස දන්වා නොතීසි යෑවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19 දා) නියෝග කළේය.

ලබන මාර්තු 3 වැනිදා පෙනී සිටින ලෙස දන්වා වගඋත්තරකාර සඳරුවන් සේනාධීර නමැත්ත පදිංචිව සිටි මාලබේ දහම් මාවතේ පිහිටි ලිපිනයට එකී නොතීසි නියෝගය යවන ලෙසටද ප්‍රියසාද්, ප්‍රියන්ත ජයවර්ධන හා නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

වගඋත්තරකාර සඳරුවන් සේනාධීර නමැත්තා අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ මහාධිකරණ, විනිසුරුවන් හා මහෙස්‌ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 21 දෙනකු සම්බන්ධයෙන් අවස්‌ථා කිහිපයකදීම අසත්‍ය ප්‍රවෘත්ති පළකර ඇති බවත් එකී අසත්‍ය ප්‍රවෘත්ති නිසා එකී විනිසුරුවරුන්ට මෙන්ම සමස්‌ත අධිකරණ පද්ධතියටත් වගඋත්තරකරු අපහාස කොට ඇතැයි පෙන්වා දෙමින් නීතිඥ මයුර විතානගේ මහතා ගොනුකර තිබූ පැමිණිලි 14 ක්‌ ඊයේ (19 දා) කැඳවනු ලැබිණි.

එකී වගඋත්තරකරු අධිකරණය හමුවට කැඳවා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගන්නා ලෙසටද පැමිණිලිකාර නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com