master
New Page 1

තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර සේවක සංගමයේ සභාපති එස්.සුරංග කාර්යාලය තුලදීම මරන්න හැදූ හැටි මෙන්න


2017-01-19 07.10 PM -  332 යි

විශේෂ හඬපටය මෙතැනින්



කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විජේරත්න දේවගෙදර මහතා සිය නිල කාමරය තුළදී තම ආයතනයේ සේවකයකුට පහර දී මරණ තර්ජන එල්ල කළ බවට වූ පැමිණිල්ලක් තලංගම පොලීසියට ලැබී ඇත.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා තවත් ඉහළ නිලධාරීන් ද කාමරයේ සිටින අවස්ථාවක තමාව කාමරයට කැඳවා තමුසෙ අද මගේ නෝනට පෙත්සමක් යැව්වා නේද? යනුවෙන් චෝදනා කර පහරදී තමාව මරණ බවට තර්ජනය කළ බව පෙරේදා (17) පැමිණිලි කළේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ජාතික සේවක සංගමයේ සභාපති ඩබ්ලිව්. වී.බී.එස්.සුරංග මහතාය.

තොපිව මරනවා. මම එක සැරයක් ඇතුළේ ගිහිල්ලා ආවේ..ඇමතිතුමා කිව්වා ඇවිල්ල උඹට ගහල යනවා කියලා. කැලෑ පත්තර ගැහුවා, ඒවා මම දන්නවා, උඹලට ගහනවා නෙමෙයි, අනිවාර්යෙන්ම මරනවා යනුවෙන් අසභ්ය වචනද සමග තර්ජනය කර තිබේ.

මේ පිළිබඳව පහරකෑමට ලක්වූ බව කියන සූරසිංහ මහතාගෙන් අප කළ විමසුමේදී ඔහු කියා සිටියේ, මරණ තර්ජන වලට බියෙන් තමන් දැඩි ආතතියකට පත්ව සිටින බවත් ඒ හේතුවෙන් තමන් මෙතෙක් රැකියාවට නොගිය බවත්, මෙම සිද්ධියෙන් පසුව තමන්ට ගාල්ලට මාරු වීමක් ලැබී ඇති බව දැනගන්නට ලැබී ඇති බවත් ය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුලු පිරිසකගේ විෂමාචාර ක්රියා සම්බන්ධව අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් වගකිව යුතු අංශත් දැනුවත් කිරීමට ජාතික සේවක සංගමයේ සභාපති වශයෙන් තමා කටයුතු කළ බැවින් මෙවැනි තර්ජනයකට මුහුණ දීමට සිදුවූ බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය තුළ මරණ තර්ජන උණුසුම පවතින අතරෙහි, තේ වගාව ශ්රී ලංකාවට හඳුන්වා දී අදට 150 වසරක් පිරීම නිමිත්තෙන් රට පුරා කුඩා තේ වතු හිමියෝ සිය වගාවට ආශිර්වාද පතා විවිධ ආගමික වතාවත් හි නියැලුණහ.


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com