master
New Page 1

ස්වර්ණවාහිනිය මුදල් නැතුව අසරන වෙයි - පෙනෙන්නේ කොළඹට සහ නුවරඑළියට පමණයි


2017-01-18 09.14 PM -  1652 යි

මේ මොහොත වෙද්දී ස්වර්ණවාහිනී නාලිකාව නැරඹීමට හැකියාව ඇත්තේ කොළඹ සහ නුවරඑළිය ප්‍රදේශයට පමණක් වන අතර අනෙක් ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් එම නාලිකාවට දුරකථන ඇමතුම් දෙමින් තමන්ට ස්වර්ණවාහිනිය නොපෙනීම ගැන විමසමින් සිටිති.

බලධාරීන් ජනතාවට සැඟවුවද සිදුව ඇත්තේ ස්වර්ණවාහිනිය විසින් තම විකාශය සිදුකරන කුළුණු සඳහා මුදල් ගෙවා නැති බැවින් එම කුළුණු අයිති සමාගම් විසින් ස්වර්ණවාහිනී විකාශය නවතා දැමීමය. දැනට මුදල් ගෙවා ඇති කොළඹ සහ නුවරඑළිය ප්‍රදේශ ආවරණය කෙරෙන කුළුණු වලින් පමණක් විකාශය සිදුකරති.

කලක් ඉතා හොඳින් ක්‍රියාත්මක වූ ස්වර්ණවාහිනිය එහි ප්‍රධාන විධායක ලෙස පත්ව ආ බුද්ධික කුලසේකර නමැත්තා විසින් විනාශ කර දැමීය. බංකොලොත් වූ ස්වර්ණවාහිනිය ඇතුළු ඊඒපී ජාලයේ සමාගම් රැසක් මහ බැංකුව වෙත පවරා ගැණින. එදිරිසිංහලා රට ගියෝය. ස්වර්ණවාහිනිය විනාශ කළ බුද්ධික කුලසේකරද ඕස්ට්‍රේලියාවට පැන ගියේය. දැන් ඔහු යලිත් පැමිණ කිසි දෙයක් නොකළ සුදනෙකු මෙන් අලුතින් ආරම්භ කිරීමට යන රූපවාහිනී නාලිකාවකට පැන ගැනීමට තැත් කරන්නේය. නාලිකා නාශකයෙකු වන මොහු ගැන දන්නා අයෙකු නම් රූපවාහිනියක් පැත්ත පළාතකට වැද්දා නොගනු ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com