master
New Page 1

ටී.බී. ජයා මාවතේ නව මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කෙරේ


2017-01-18 05.20 PM -  307 යි

කොළඹ, ටී.බී. ජයා මාවතේ ඉදිකෙරුණු මුස්ලිම් ආගමික කටයුතු හා සංස්කෘතික දෙපාර්තමේන්තුවට අයත් නව මුස්ලිම් සංස්කෘතික මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (17) පස්වරුවේ විවෘත කෙරිණි.

මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික පූජකතුමන්ලා ද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී.එම්.වී. හපුආරච්චි මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com