master
New Page 1

කුලියට ජීවිතයක් ඇත


2016-11-25 02.45 PM -  1138 යි

මෙහේ රාත්‍රිය ඇතුලෙ සජීවීව ජීවිතේ ති‍යෙනවා. මේ හඳ එළියෙන් පිරුණු රාත්‍රියක් ගැන නෙවෙයි කියන්න යන්නේ. අඳුර පලවා හරින්නට පාට පාට විදුලි බුබුළු උපයෝගි කරගන්න තැනක් ගැනයි මේ .ඔබට තියෙන්නේ හෙමිහිට අඩි තියන්න විතරයි. පාර දෙපැත්තෙන් මහා සද්දෙට හින්දි සිංදු ඇසේවී. එහෙට මෙහෙට දුවන කෙල්ලන්ගේ ගිගිරි ශබ්ද ඇසේවි. ලාභ සුවඳ විලවුන් මුළු ප්‍රදේශයේම පැතිරිලා. දීලීර බැදිලා පුස් කාපු බිත්ති පුරාම භාගෙට ඇදුම් ඇඳගත්ත එක එක නිළියන්ගේ පොස්ටර් එල්ලලා.

මේ සිව් මහල් ගොඩනැගිල්ලක්. හරිම කාර්යබහුලයි. හැම කෙනාම තමන්ට සේවා දායයෙක් සොයා ගැනීමේ තරඟකාරී උත්සහයක. පුංචි ගැණු දරුවන් තමන්ට හැකිතරම් වැඩිහිට බවක් පෙන්වන්න ඝණ රෑපලාවනය ක්‍රිම් වාර්ග භාවිතා කරලා. ඒ දැරිවියන්ගේ උඩුකය ලාභ වර්ගයේ බ්‍රෂියර් එකකින් ආවරණය කරගෙන. ගතවෙන හැම තප්පරයකම ඔවුන්ගේ මුහුණු සීනාවකින් පිරී ගියත් හදවත් මැරි මැරී උපදිනවා.

මේ තරඟයට නීති ගොඩක් නැහැ. ඔවුන්ට තියෙන්නේ ලස්සනට ඇඳගෙන මුළු දවසම ගණිකා මඩමේ දොර ඉස්සරහාට වෙලා සේවාදායකයන් දැලේ දාගෙන ඔවුන්ගේ මැඩම්ලාට තමන්ගේ හැකියාව පෙන්වන්න.

මේ රට බංග්ලාදේශය. ඩකා නුවර. අපි එහේ නොගියත් අප වෙනුවෙන් ගියේ ජීඑම්බී ආකාශ්. සම්මානනීය කැමරා ශිල්පියා. බ්ලොග් රචකයා. පීඩිතයන් සොයා යන්නා. අපි හැමෝගේම මිත්‍රයා. ආකාශ්ගේ ගමනාන්තය ඩකා නුවර තිබුණු ළමා ගණිකා නිවාසයක්. අපි ඔහුගේ ඇහෙන් මෙතැන දකිනවා.

ළමා ගණිකා මඩමේ ඉන්න ලස්සනම සහ සේවාදායකයන් වැඩියෙන්ම සතුටු කරන්න පුළුවන් ගැහැණු ළමයින්ට ගෙවන්නේ ඩකා 100 ඉදලා ඩකා 500 අතර මුදලක්. ගාණ තීරණය වෙන්නේ රැදෙන වෙලාවයි කෙල්ලන්ගේ ක්‍රියාශීලි භාවය එක්ක.

ගණිකා වෘත්තීයේ වැඩිකාලයක් රැදුනු ගොඩක් දැරිවියන්ට තමන් මිනිසුන් බව අමතක වෙනවා. ඔවුන් හිතන්නේ එයාලා එක්තරා නිෂ්පාදනයක් කියලා. කෙනෙක්ව සතුටු කරන්න පුළුවන් නිෂ්පාදනයක් කියලා. කල් යන්න යන්න එයාලා මේ රැකියාවට හුරු වෙලා එක එක්කෙනා තරඟයක් ඇති කරගන්නවා. ලැජ්ජාව පැත්තක දාලා පුංච් පුංච් ඇඳුම් ඇඳගෙන සේවාදායකයන් තමන්ව විතරක බලන විදියට හැසිරෙනවා. එයාලාට සේවාදායකයන් දෙන අමිහිරි වේදනාවන් හුරුයි.

සමහර ගැහැණු ලමයින් රැකියාවට අලුත් එයාලාව මැඩම් ගෙනල්ලා තියෙන්නේ දවස් දෙක තුනකට කලින්. ඒත් සමහර අයව එයාලාගේ ප්‍රේමවන්තයෝ හරි එයාලාගේ සුළු මව්පියන් තමයි මෙහෙට ගෙනල්ලා තිබ්බේ. ඒ ඒ ගැහැණු ලමයාගේ අහිංසක පෙනුම සහ ලස්සන අනුව ඩකා හාරදාහේ ඉදලා ඩකා විසිදහසක් වෙනකම් දැරිවියෙක් ගෙනාවාම ගෙවනවා. ගැහැණු ලමයි එයාලාගේ අහිංසක ජීවිතවලට මොනවද වුනේ කියලා දැන ගන්න කලින්ම ගණිකා මඩම්වල හිරවෙනවා.

මේ කෘත්‍රිමාලෝකයෙන් පිරුණු ගුහාව තුළ සමුහ දූෂණවලට ලක්වුන ගැහැණු ලමයි පවා ඉන්නවා. සමාජෙන් කොන්වුණ එයාලාට ජීවිතයක් දුන්නේ මැඩම්. ඉතින් ඒක ජීවිතය බවට පත්වෙනවා. මැඩම්ව දකින්නේ එයාලාගෙම අම්මලා වගේ. ඇයගෙන් ලැබෙන කරුණාව නිසාම ඇය මුළු ජිවිත කාලය පුරාම ලිංගික ශ්‍රමිකයෙක් වෙලා ඉන්න තීරණය කරනවා.

සේවාදායකයෙක් වෙනුවෙන් කුලල්කාගන්නා එකිනෙකා අතරේ තද බැඳීමක් තියෙනවා. ඒය මතුවෙන්නේ සේවාහෝරාවලින් පිට. කෙනෙකුට මොනවා හරි දුනොත් හැමෝම දුවගෙන ඇවිත් බලනවා ඇයට සලකනවා. අඩි හතරක් විතර කාමරයක තමයි ගැහැණු ලමයි දෙතුන් දෙනෙක්ම ඉන්නේ. ඒ කාමරේ තමයි එයාලාගේ ලෝකේ.

සේවාදායකයෙක් තමන්ගේ ලිංගික අවශයතාවය ඉටු කරගෙන කාමරයෙන් ඉවත්ව ගිය ගමන් හැමෝම එකතු වෙලා කාමරය පිරිසිදු කරනවා.එක එක පාට පාට මල්වැල් වලින් ඇඳ සරසනවා.

පරෙවියෙක්ව අත්තටු කපලා එළියේ තිබ්බාම අත්තටු වැවුණාට පස්සෙත් පියාඹන්නේ නැහැ. ඒ වගේ මේ දැරිවියන්ව මුල් කාලයේ තද නීති දාලා හීලෑ කරගන්නවා. ඉන්පස්සේ කොච්චර අත්තටු වැවුණත් පියාඹන්නේ නැහැ. අවුරුදු දෙක තුනක් යනකොට එතන ඉන්න හැම ගැහැණු ලමයාම එයාට මැඩම් ගෙවපු ගාණ හොයලා දෙන්න වෙනවා. දවසට කීදෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න වෙනවා ද කියලා ගණං කරගන්න බැරිව ඇති.

මෙතන හැම කෙනාගෙම ජිවිතය එකම වගේ.ඒත් සමහර ගැහැණු ලමයි තමන්ගේ සේවාදායකයන් එක්ක ආදරයෙන් බැදෙනවා. හැම ගැහැණු ලමයාම වගේ එයාලාගේ දෙවියන් සිහි කරන්න අමතක කරන්නේ නැහැ. ගොඩක් ගැහැණු ලමයි කුරාණය කියවන්න ඉගෙන ගන්නවා මෙතන.

ආශා මෙතැන ඉන්න දැරිවියක්. ඇය මෙහෙම කියනවා.

මම හිතන්නේ නැහැ කවදාවත් මට කසාද බදින්න බැඳලා දරුවන් හදන්න පුළුවන් වෙයි කියලා. කවුරුත් මාව කසාඳ බඳින්න කැමතිවෙන එකක් නැහැ. එහෙම වුනත් දවස් දෙක තුනක් එයාලා මගෙන් සතුටු වෙලා ආපහු මාව වෙන තැනකට විකුණලා දායි. එහෙත් මෙතන ඉන්න සමහර ගැහැණු ලමයි හිතාගෙන ඉන්නවා කවදා හරි දවසක අශ්වයෙක්ගේ පිට උඩින් කුමාරයෙක් ඇවිත් එයාලාව ඩෝලී වල තියාගෙන ගිහින් ජයටම මඟුල් ගෙයක් ගනියි කියලා.

ජොසානා මගේ හොඳමා යාළුවා.එයා මට වඩා අවුරුදු පහක් වැඩිමල්. මම හිතන්නේ එයා තමයි මෙතන හිටපු වෙනස්ම කෙනා කියලා. මම එයාට ආදරය කරන්න ගත්තේ දවසක් මට උණ හැදිලා බොහෝම වේදනාවෙන් ඉන්න කොට මම වෙනුවට සේවාදායකයෙකු සමඟ යහන් ගත වුනා. මැඩම් මට ගහන්න යනකොට ජොසානා හැමදාම මැදට පැනලා මාව බේරගත්තා. දවසක් මම ජොසානාගේ කාමරයට යනකොට එයා පොතක මොනවාද ලියමින් හිටියා.මම කවදාවත්ම දැකලා නැහැ ගණිකා නිවාසයේ කවුරුවත් දිනපොත් ලියනවා.මම එයාගෙන් ඒ ගැන ඇහුවාම ජොසානා කිව්වේ මටම මම කතා කරගන්නවා කියලා. මෙතන ඉන්න හැම ගැහැණු ලමයාම ජොසානාට ඉරිසියා කලා. ඇත්තම කිව්වොත් මමත්. ඒකට හේතුව වුනේ හැම සේවාදායකයයාගේම හොඳම තේරීම වුනේ ජොසානා නිසා. දවසක් ජොසානා මගේ කාමරයට ඇවිත් එයාගේ ආභරණ සේරම මට භාර දීලා කිව්වා මේ සේරම ටික එයාගේ ගමේ ඉස්කෝලේ හදන්න පරිත්‍යාගය කරන්න කියලා. මම ඇයගෙන් හේතුව ඇහුවත් ඇය පිලිතුරු දුන්නේ නැහැ. ඊලඟ දවසේ උදේ ඇයව හම්බවුනා ඇගේ මංගල සාරියෙන් බෙල්ලේ වැල දාගෙන මැරිලා ඉන්නවා මනමාලියෙක් විදියට. එදා තමයි මම දැනගත්තේ ජොසානාගේ සැමියා ඇයව ගණිකා නිවාසයට විකුණලා තිබුණා කියලා. ඇගේ ඇත්ත නම ෆාතිමා කියලා මම දැනගත්තා. ඇගේ අතේ පොඩි ලියුම් කෑල්ලක් තිබ්බා ඒකේ ලියලා තිබුණේ ෆාතිමා මැරිලා ගොඩක් කල් ඒත් කවුරුවත් ඇය වෙනුවෙන් ඇඩුවේ නැහැ කියලා .

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com