master
New Page 1

නිළියක් වෙන්න තිබූ සිහිනය සැබෑවක් කරගන්න ගමෙන් කොළඹට ආ රූමතිය අවසානයේ නතර වුණු තැන


23 Nov 2016 01.12 PM -  1438 යි

මුළු ගමම මගේ දිහා බැලුවේ පුදුම වෙලා....
පළවැනි දවසේ එක එක පැත්තට හරවලා මගේ ෆොටෝ ගත්තා...
ඊළඟට මාව භාගෙට නිරුවත් කරලා ෆොටෝ ගත්තා...

ජීවිතේ දිනන්න නම් සිහින, බලාපොරොත්තු තියෙන්නම ඕනේ. මොකද කෙනෙක්ව ශක්තිමත් කරන්නේ ඒ බලාපොරොත්තු හා සිහිනවලින්.

ඒත් සමහර හීන පස්සේ දුවන්න ගියාම ජීවිතේ වරදිනතුරුම දන්නෙත් නෑ.

ඒ විදිහට නිළියක් වෙන්න තිබුණු සිහිනය නිසා තමන්ගේ ආදරණීය පවුලත් අතහැරලා ගමෙන් කොළඹට ගිහින් ජීවිතය විනාශ වුණු තරුණියක් තමන්ගේ කඳුලු කතාව සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.

හද්ද පිටිසර ඉපදිච්ච අපි වගේ ගමේ කෙල්ලන්ට නිළියක් වීම හීනයක්. ඒ වුණාට ඒ හීනය හැබෑවෙනවා දකින්න තමයි මං කැමති වුණේ.....

ඇය සැබැවින්ම හැඩකාරය. තිබූ දිග කොණ්ඩය දැන් ඉතා කෙටිය. දීප්තිමත්ව තිබූ ඇගේ දෑස් දැන් මළානිකය. ඇය කතා කරන්නේ ඕනෑවට එපාවටය.

සමහර ගෑනු කියන්නෙම බොරු. මං අහගෙන ඉඳලා තියෙනවනේ..

මට නම් එහෙම බොරු කියන්න වුවමනාවක් නැහැ..

අපේ ගම්වල දැන් කවුරු කවුරු ඉන්නවද කියන්නවත් මං දන්නේ නෑ. අඩුම තරමේ දැන් මං ගමට ගියා කියලා මාව අඳුරන අයවත් එහෙ නැතුව ඇති..

අවුරුදු හතළිහක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයිනේ.....
 
ඇයි ගමෙන් ආවේ.....?
නිළියක් වෙන්න නම් ගමේ ඉඳගෙන බැහැනේ..

අපි හේන් ගොවිතැන් කරලා ජීවත්වෙන අය. අම්මා, තාත්තා එදා ඉඳලම මහපොළොව එක්ක හැපුණේ. 

අපේ ගෙදර ටී. වී එකක්වත් තිබුණේ නැහැ. අපේ ගෙදරට එහා ගෙදරක ටී. වී. එකක් තිබුණා. 

මං ටී. වී. බලන්න පුරුදු වුණේ ඒ ගෙදරින්. එතකොට මට අවුරුදු දහයක් විතර ඇති. 

අපේ වයසේ හිටපු හුඟක් කොල්ලෝ කෙල්ලෝ ඒ කාලේ ටී. වී. එකට ඇබ්බැහිවෙලා හිටියේ. 

ඒත් මං ලොකු ළමයෙක් වුණාට පස්සේ එහා ගෙදරට යන ගමන නතර වුණා. 

අම්මා නිතරම තරවටු කරන්න ගත්තා.

එතකොට නිළියක් වෙන හීනේ......?
ටී. වී. බලන එක නතරවුණාට නිළියක් වෙන හීනේ තිබුණා.

මට අවුරුදු පහළොව වෙනකොට ගමේ අවුරුදු උත්සවයක් තිබුණා. 

අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත් වුණා. තාත්තා කොහෙත්ම කැමති වුණේ නැහැ ඒ වැඩේට. තාත්තා, අම්මා එක්කත් රණ්ඩු වුණා. 

ඒත් මං හිතුවක්කාරකමට ඒ තරගයට ඉදිරිපත් වුණා. 

මට ඇඳගෙන යන්න අලුත් චීත්තයක්වත් තිබුණේ නැහැ.... අම්මගේ හැට්ටයකුයි, චීත්තයකුයි තමා ඇන්දේ..

ඔක්කෝම දහයක් විතර හිටියා අවුරුදු කුමාරි තරගයට ඉදිරිපත්වෙලා. කවුරු හිටියත් මං දැනගෙන හිටියා මට දිනන්න පුළුවන් බව..

ඒ කොහොමද....?
මං දන්නවා මං ලස්සනයි කියලා. මට දණහිසෙන් පහළට දිග කොණ්ඩයක් තිබුණා. කොල්ලෝ ඒ දවස්වල කියනවා මගේ ඇස් දෙක හරි ලස්සනයි කියලා..

ඉතිං.....
එදා අවුරුදු කුමාරි තරගයෙන් මම දිනුවා. මුළු ගමම මගේ දිහා බැලුවේ පුදුම වෙලා. 

මං දැක්කා වේදිකාවේ හිටපු හැම පිරිමියෙක්ම මා දිහා බලනවා. මං හිටියේ හරිම ආඩම්බරයෙන්. මට තෑගි පිරිනැමුවේ ආරාධිත අමුත්තෙක්. ඒ අතර හිටියා මන්ත්‍රීතුමා, පොලිසියේ ලොකු මහත්තයා. 

ඒ වගේම තව හිටියා ගමට පිටින් ආව මහත්තුරු වගයකුත්. ඒගොල්ලෝ කවුද කියන්න මං දැනගෙන හිටියේ නැහැ...

ගෙදර අය මොකද කිව්වේ..
මං අවුරුදු කුමාරි වුණ එකට අම්මට සතුටුයි. තාත්තත් සතුටුවෙන්න ඇති. නංගියි, මල්ලියි තමයි හුඟක්ම සතුටු වුණේ. තාත්තා සතියක් යනතුරු මගේ මුහුණ බැලුවේ නැහැ.

මගේ ඉස්කෝලේ ගමන නතර වුණා. ඒක එහෙම වුණේ මට ටෙලි නාට්‍යයක රඟපාන්න යන්න වුණ නිසා.

කොහොමද ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ.....?
මම කිව්වේ මං අවුරුදු කුමාරි වෙච්ච දවසේ තෑගි බෙදන තැන තව තරුණ අය වගයක් හිටියා කියලා.

එදායින් පස්සේ ඒගොල්ලෝ අපේ ගෙදර ආවා. මට බයත් හිතුණා. 

ඒත් ඒගොල්ලෝ මට කතා කළේ අලුතෙන් පටන්ගන්න ටෙලිනාට්‍යයකට මාව ගන්නවා කියලා..

අම්මා නම් කොහෙත්ම කැමති වුණේ නැහැ මං යනවට. 

මං ඒ අයට උත්තරයක් දීගන්න බැරුව දවස් ගාණක් තැවුණා. අන්තිමට මං ගෙදර අයව අත්හැරලා යන්න තීරණය කළා.

ඊට පස්සේ.....
මට අරගෙන යන්න දෙයක් තිබුණේ නැහැ..

ඇඳුම් දෙකතුනක් විතරයි තිබුණේ... නමුත් එදා රෑ චමින්ද, රුවන් එක්ක කොළඹට ආව මට නතරවෙන්න ගෙයක් ලැබුණා. 

චමින්ද මගේ අතට රුපියල් දහදාහක් දුන්නා. 

ඔයා නිළියක් වෙන්නනේ ආවේ... ඔයා ලස්සනට අඳින්න පළඳින්න ඕන..

එන්න යන්න අපිත් එක්ක ඔයාට ඇඳුම් ගන්න....

චමින්ද මට එහෙම කියලා කොළඹ ලොකු ලොකු රෙදි සාප්පුවලට එක්කගෙන ගියා. 

චමින්දලා එක්ක චන්ද්‍රානි අක්කා ආවා. එයා තමයි මං හිටපු ගෙදර අයිතිකාරිය. 

චන්ද්‍රානි අක්කා කැමති විදිහට තමයි මට අඳින්න ඇඳුම් අරගෙන දුන්නේ. මං ජීවිතේ කවදාවත්ම ඒ තරම් ලස්සන ඇඳුම් ඇඳලා තිබුණේ නැහැ. 

එදා චමින්දයි, රුවනුයි මාව චන්ද්‍රානි අක්කට බාරදීලා ගියා. ඊට පහුවදා ඉඳලා මං චන්ද්‍රානි අක්කා කියන විදිහට ඇවිදින්න, කෑම කන්න, හිනාවෙන්න, කතා කරන්න පුරුදු වුණා..

එතකොට රඟපාන්න ගියේ නැද්ද....?
ගියා රඟපාන්න..... පළවැනි දවසේ ඒගොල්ලෝ මාව එක එක පැත්තට හරව හරවා පිංතූර ගත්තා. 

දෙවැනි දවසේ මාව භාගෙට නිරුවත් කරලා පිංතූර ගත්තා.
 
මං රුවන්ගෙන් ඇහුවා ඇයි මේ කියලා. එයා කිව්වේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරුන්ට පෙන්වන්න ඕන කියලා.... 

මටත් ඕන වුණේ මගේ හීනය හැබෑවක් කරගන්න. ඒ නිසා මං ඒ කියපු හැම විදිහටම හිටියා..

මොකක්ද රඟපෑව නාට්‍යය....
ඔයා මට විහිළු කරනවද.... මට කවදාවත්ම නාට්‍යවල රඟපාන්න ලැබුණේ නැහැ....

හැබැයි... මං කැමරාව ඉස්සරහ රඟපෑවා...

අනේ ඒවට චිත්‍රපට කියන්නත් බැහැ.... 

පළවැනි දවසේ මං පැනලා යන්න හැදුවා. මං කැමති නෑ ඒ පිරිමි කියන විදිහට ඉන්න. 

මං පැනලා යන්න හැදුවා කියලා ඒගොල්ලෝ මට හොඳටම පහරදුන්නා. 

මාව මරනවා කියලා බය කළා. චන්ද්‍රානි අක්කා මගේ ඇඟේ බෙහෙත් තෙල් ගෑවා. එදා මට වහ බොන්න හිතුණා..

ඊට පස්සේ මොකද වුණේ.....?
අපහු ගමට යන්නත් බැහැ... නන්නාඳුනන මිනිස්සු ළඟ ඉන්නත් බැහැ. මං හුඟක් අසරණ වුණා. 

ඕන දෙයක් වෙච්චාවේ කියලා මං ඒ ජීවිතේට හුරුවුණා. 

මුලින්මනම් මට පිළිකුල්.. ඒත් පහුවෙනකොට මං ඒ ජීවිතේට සම්පූර්ණයෙන්ම හුරුවුණා..

නතරවුණේ කොහෙද..?
ඇත්තම කිව්වොත් මං බොහොම සුපිරි ජීවිතයක් ගත කළා. 

අතේ මිටේ හොඳට සල්ලි තිබුණා. ඒත් මාව පොලිසියට අහුවුණා. හිරේ යන්න වුණා. 

මගේ හැමදේම නැතිවුණා. මං මාස තුනකට පස්සේ එද්දී මගේ කියන හැමදේම නැතිවෙලා.... චන්ද්‍රානි අක්කා විතරයි මාත් එක්ක හිටියේ...

නංගියේ උඹ ජීවිතේ ආයෙත් පටන්ගනින්..... නතර කරපු තැනින් පටන්ගනින්..

මට අලුතෙන් පටන්ගන්න ජීවිතයක් තිබුණේ නැහැ.... මං ආයෙත් ඒ කුණු රස්සාව කරන්න පටන්ගත්තා. චන්ද්‍රානි අක්කයි, මමයි ජීවත්වුණේ මං පරණ ජීවිතය පටන්ගත්ත නිසා....

තවමත් ඒ රස්සාව කරනවද.....?
අපෝ නැහැ..... මං දැන් වයසයි.... ඒත් මේ කැතවෙච්ච මාවත් හොයාගෙන එන පිරිමි ඉන්නවා. උන් සමහරු සල්ලි දෙන්නෙත් නැහැ..

තමන්ගේ වැඩේ කරගෙන යනවා....

එතකොට ජීවත්වෙන්නේ කොහොමද..?
මගේ ළඟත් ලස්සන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා.

ඉඳලා හිටලා කුඩු ටිකකුත් විකුණගන්නවා. ඒත් මට මේ පාර වැඩේ වැරදුණා.

කෙල්ලෝ දෙන්නව පොලිසියට අහුවුණා. උන් මාවත් අල්ලලා දුන්නා. මාව පොලිසියෙන් අල්ලගන්නකොට කුඩු පැකට් තුනක් ළඟ තිබුණා. තව මාස දෙකකින් විතර මං එළියේ.....
එළියට ගිහින් මොකද කරන්නේ.....?

ඔය මොනවා හරි කරලා ජීවත්වෙනවා.... ගෑනු අපිට මොනවද කරන්න බැරි..

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com