master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

කුඩා දැරිවියන්ගේ පතිවතට කෙළ හලන නයි හාමුදුරුවන්ට ඇප දීමට පොලීසිය හරස් වෙයි


22 Nov 2016 11.20 AM -  2325 යි

ඇප දුනහොත් සැකකරුගේ ජීවිතයට පවා තර්ජනයක් වියහැකි බව පොලිසිය කියයි

බාලවයස්කරුවන් දෙදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළා යැයි කියන මෙතෙක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි නයි හාමුදුරුවෝ නමින් ප්‍රකට ශ්‍රමණ වේශධාරියකුට එරෙහි පවරා තිබූ නඩු දෙකක් ඊයේ (21) නැවත කැඳවූ අවස්ථාවේ සැකකාර හිමිනම යළි දෙසැම්බර් මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියම කළේය.



ඇඹව විමලතිස්ස නමින් පෙනී සිටින ශ්‍රමණ වේශධාරියකු එසේ නැවතත් රක්‍ෂණ භාරයට පත් වූ අතර, පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු නිරන්තරයෙන් රාත්‍රී කාලයේ බීමතින් නාගයකු කරේ දමාගෙන බෙර වයමින් නටන බවත්, එය මහජනතාවට මහත් පීඩාවක් බවත් ප්‍රදේශයේ බොහෝ දෙනකු මේ වනවිට පොලිසියේ ඒ සම්බන්ධව පැමිණිලිකර ඇති බවත් ඇප දුනහොත් සැකකරුගේ ජීවිතයට පවා තර්ජනයක් වියහැකි බවත් ය. සැකකාර ශ්‍රමණවේශධාරියා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියා සිටියේ පොලිසිය බී වාර්තාවක් මගින් ලිංගික අපයෝජන පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් හදි හූනියම් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ අසල විහාරස්ථානයේ හා දේවාලයේ උවමනාවට බවත් සැකකාර හිමිනමගේ දේවාලයේ කාමරයක් කඩා රන් ආලේපිත බුදුපිළිමයක් සොරාගැනීම සම්බන්ධව මෙතෙක් කළ පැමිණිලි භාරගෙන නොමැති බවත්, අදාළ බාලවයස්කරුවන් පොලිසියට ප්‍රකාශ දී ඇත්තේද පන්සලේ හා දේවාලයේ පිරිසගේ උවමනාවට බවයි. එය සිතාමතාම සැකකාර හිමිනමට හිංසා කිරීමේ අරමුණින් කරන ක්‍රියාවලියක් බවත් ය.

එහිදී පොලිසිය නැවත කරුණු දක්වමින් මුල් අවස්ථාවේ අදාළ ලිංගික අපයෝජනයන් පිළිබඳව කරුණු ඉදිරිපත්කර ඇති බවත් එම අපයෝජනයන්ට පොලිසිය සැකකරු සෙවීමේදී මාස තුනකට අධික කාලයක් සැඟව සිටි බවත් දැන්වීය.

එමෙන්ම මේවනවිට ප්‍රදේශයේ පවත්නා තත්ත්වය අනුව සැකකරුට ඇප ලදහොත් ප්‍රදේශයේ පිරිස් කුපිතවී සැකකාර හිමිනමගේ ජීවිතයට තර්ජනයක් පවා වියහැකි මට්ටමක් ප්‍රදේශය පුරා පවතින බවත් ඇප පනතේ 14.1 (ආ) වගන්තිය ප්‍රකාරව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතිෂේප කරන ලෙසත් ඉල්ලා සිටියේය.


සියලු කරුණු සැලකිල්ලටගත් මහෙස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා වත්මන් නීති තත්ත්වය අනුව සැකකාර ශ්‍රමණවේශධාරියා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.


කුලියාපිටිය පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක හැරිසන් සෝමසිරි, උප පොලිස් පරීක්‍ෂක රන්බණ්ඩා, පොලිස් සැරයන් දයාරත්න (58527) යන නිලධාරීන් සමග නීතිඥ චම්පික ලසිතකුමාර මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකාර ශ්‍රමණවේශධාරියා වෙනුවෙන් නීතිඥ කැලුම් හෙට්ටිගමගේ මහතා පෙනී සිටියේය.



ඩී. යු. සේරසිංහ කුරුණෑගල




මේ සබැදි වෙනත් පුවත්
කුඩා දරුවන් කෙලෙසා ගමෙන් පැන සිටින නයි හාමුදුරුවන්ගෙන් ඔබේ දරුවා බේරාගන්න (VIDEO)

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com