master
New Page 1

අපේ සද පිටසක්වලයින්ගේ ග්‍රහනයේ


22 Nov 2016 09.54 AM -  942 යි

පසුගිය නොවැම්බර් 14 වනදා ලෝක වාසී සියලු දෙනාට දුර්ලභ අවස්ථාවක් දැකගත හැකිවිය.
ඒ වසර 68කට පසුව සුපිරි සඳක් දිස්වීමයි.

සාමාන්‍ය අවස්ථාවකට වඩා සඳ පෘථිවියට වඩාත් ලංවීමත් ඒ නිසාම සඳ විශාලත්වයෙන් මෙන්ම වඩාත් දීප්තිමත්ව දිස්වීමත් සුවිශේෂී විය.ලොව පුරා බොහෝ දෙනා මෙම අවස්ථාව නැරඹීමට වඩාත් උනන්දුවෙන් සහභාගී වූහ.

කෙසේ වෙතත් මෙදින සිදු වූ තවත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳ මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තාකොට තිබේ.

ඒ එදින සඳ නිරීක්ෂණය කරමින් සිටි පිරිසකට පිටසක්වල යානා වැනි යමක් දිස්වී තිබීමයි.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට පිටසක්වල යානා දෙකක් මෙසේ ගමන් කරන අයුරු දැකගන්නට තිබේ.

වියට්නාමයේ පිරිසක් මෙය නිරික්ෂය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙය ඉතා විශ්මිත සිදුවීමක් බවත් , වේගය අඩුවැඩි කරමින් දිශා වෙනස් කරමින් ගුවන් නියමුවන් මෙන් ඔවුන් යානය පැදගෙන ගිය බවත් මෙම පිරිස විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න..

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com