master
New Page 1

දුන්න ආතල් එක වැඩිවී ඇග උඩදීම අනියම් සැමියා මරුට


18 Nov 2016 01.37 PM -  4996 යි

අනියම් පෙම් සුව විඳීමට ලැගුම්හලකට ගිය පෙම්වතුන් යුවළකට නොසිතු ආකාරයේ විපතක් සිදුව තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ කිරිබත්ගොඩ පොලිස් වසමේ ලගුම්හලකින්ය.

එම පෙම් යුවළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ලගුම්හලකට ගොස් ඇති අතර ලගුම්හලේදී පෙම්සුව විඳින අතරතුරදී පිරිමි පුද්ගලයා මියගොස් තිබෙනවා.

නොසිතූ මොහොතක මෙලෙස මියගොස් තිබෙන්නේ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි  පුද්ගලයෙකුයි.

අදාළ තරුණිය මහර අධිකරණයේ නඩුවකට රැගෙන යාමට නියමිතව තිබූ ඥාති පුද්ගලයෙක් බැලීමට පැමිණ ආපසු යන අතරමඟදී අනියම් පෙම්වතා සමඟ ලගුම්හලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණය සම්බන්ධව පශචාත් මරණ පරීක්ෂණය රාගම රෝහලේදී පවත්වා ඇති බව සඳහන්.

මේ පිළිබඳව කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com